brand logo
logo
 ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂණ පනත ළඟදීම පාර්ලිමේන්තුවට

ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂණ පනත ළඟදීම පාර්ලිමේන්තුවට

29 May 2026


මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සෘජු විදෙස් ආයෝජන රැගෙන ආ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


ජනාධිපතිවරයා පැවසුවේ කලාපයන් හී මතුවන අර්බුද හේතුවෙන් ඩොලර් සංචිත පිළිබඳ ගැටලු ඇතිවෙමින් පවතින බවත් මේ සඳහා මුහුණ දීම සඳහා යම් සැලසුමක් අවශ්‍ය වන බවය.


ඒ සඳහා සෘජු විදෙස් ආයෝජන මෙරටට රැගෙන ඒම සඳහා අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා පවතින බාධාවන් ඉවත් කිරීම සඳහා මේ වන විට අවාධානය යොමුව ඇති බවත් සඳහන් කළේය.


ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (29) පස්වරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ දෙවන අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීමේ කටයුතු සඳහා එක්වෙමිනි. 


එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂණ පනතක් ඉදිරියේදී ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට සැලසුම් කර ඇති බවත් මෙරට අපනයනවලින් 25%ක් එක්සත් ජනපදනය පදනම් කරගෙන පවතින බැවින් එම අපනයන තවත් රටවල් ගණනාවක් කර විවිධාංගීකරණයද විය යුතු බවද පෙන්වා දුන්නේය.


මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,


"ඩොලර් ප්‍රශ්නයක් මතුවීමේ අවදානම් තිබෙනවා. ඒකට අපිට සැලසුමක් අවශ්‍යයි. අපි සැලසුම් කීපයක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. එකක් අපි සෘජු විදෙස් ආයෝජන ගෙනා යුතුයි. ඒ සඳහා විශාල බාධාවන් තිබෙනවා. එකක් මම කියන්න කැමතියි අපේ රාජ්‍යයේම තිබෙන අබල දුබලතාවයන් ඒකට හේතුවෙලා තිබෙනවා. අපි දන්නවා සමහර ව්‍යාපෘතින්වලට ඇතිවෙලා තිබෙන තත්ත්වය. සමරවිට අපිට ඉඩම් නිදහස් කිරීමේ යාන්ත්‍රණයේම අපිට බාධාවන් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ සෘජු විදෙස් ආයෝජන අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වන බාධාවන් ඉවත් කිරීම සඳහා අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂණ පනතක් අපි පාර්ලිමේන්තුවේදී ඉතාම ඉක්මනින් සම්මත කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ආයෝජකයින්ට තමන්ගේ සියලු කාර්යන් කර ගැනීම සඳහා තනි කවුළුවක් නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා. අපිට අවශ්‍යයි සෘජු විදෙස් ආයෝජන අපිට ක්ෂණිකව වෙන කලාපයක වුණත් ඇතිවන අර්බුදයකට වුණත් මුහුණ දෙන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් හදාගන්න එක.


දෙවැනි එක අපි අපේ අපනයන දිරි ගැන්වීමක් අවශ්‍යයි. අපේ අපනයනවලින් 25%ක් තියෙන්නේ එක්සත් ජනපදය පදනම් කරගෙන. අපිට අවශ්‍යයි තවත් රටවල් ගණනාවකට අපනයන විවිධාංගීකරණය කරන්න ඕනේ. භාන්ඩවල විවිධාංගීකරණයකටත් යන්න ඕනේ. ඒ නිසා අපි අපනයන පංගුව වැඩි කරගැනීම දෙක අපි කල්පනා කරන්න ඕනේ අපේ ආනයන ආදේශන කර්මාන්තවලට අපි දිරි දෙන්න ඕනේ."


 

More News..