ටිබෙටයට රිච්ටර් මාපකයේ ඒකක 7ක ප්රබල භූමිකම්පාවක්
22 October 2026
ටිබෙටයට රිච්ටර් මාපකයේ ඒකක 7ක ප්රබල භූමිකම්පාවක්
22 October 2026
චීනයේ නිරිතදිග ටිබෙට් කලාපයේ රිච්ටර් මාපකයේ ඒකක 7ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව China Earthquake Networks Center නිවේදනය කරයි.
භූමිකම්පාවේ කේන්ද්රය ටිබෙටයේ උතුරු දෙසින් පිහිටි Nagqu ප්රදේශයේ, පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
China Earthquake Networks Center දත්තවලට අනුව, භූමිකම්පා කේන්ද්රයේ සිට කිලෝමීටර් 5ක් ඇතුළත පිහිටි ප්රදේශයේ සාමාන්ය උස මුහුදු මට්ටමේ සිට මීටර් 4,864ක් පමණ වේ.
2024 ජනවාරි මාසයෙන් පසු චීනයට බලපෑ ප්රබලතම භූමිකම්පාව මෙය වන අතර, එම ප්රදේශයේ ජනතාවට භූචලනය පැහැදිලිව දැනී ඇති බව ද වාර්තා වේ.
භූමිකම්පාව සිදුවූ ස්ථානය ටිබෙටයේ අගනුවර වන Lhasa නගරයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටා තිබේ.
සිදුවීමෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපොළ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

