brand logo
logo
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

29 October 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා පත්කර තිබේ.


ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා වෙත අද (29) පස්වරුවේ ප්‍රදානය කරන ලදී.


නොවැම්බර් මස 02වන දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බවද සඳහන්.


මෙම පත්කිරීමට පෙර මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවයේ කර ඇත.

 

More News..