කමේනි අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන්
03 June 2026
කමේනි අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන්
03 June 2026
මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි, අමෙරිකාව සමග සාකච්ඡා කිරීමේ කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
යූ ටියුබ් ඔස්සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
මෙහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීමට හෝ අලුතින් න්‍යෂ්ටික අවි නිපදවීම් සිදු නොකිරීමටද ඉරානය එකඟතාව පළකර ඇති බවය.

