brand logo
logo
 කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කරයි

කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කරයි

07 September 2026


ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජනීය කරඬුව වැඩම කරවන "වාසනා" හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන ඓතිහාසික සිද්ධස්ථාන හැර වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා ලබා නොදීමට තීරණය කළ බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා පවසයි.


මේ වන විට 58 වැනි වියෙහි පසුවන වාසනා හස්තියා, දිවයින පුරා ජනතාවගේ දැඩි ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ හස්තියෙකි.


දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහැර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, එලෙස විවිධ ස්ථාන වෙත දීර්ඝ ලෙස රථවලින් ප්‍රවාහනය කිරීම නිසා ඇතාට දැඩි වෙහෙසක් හා පීඩාවක් සිදුවන බවත් බස්නායක නිලමේවරයා පෙන්වා දෙයි.


එබැවින් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රමුඛතාව ලබාදෙමින් මෙම තීරණයට එළඹි බවත් මින් ඉදිරියට වාසනා හස්තියා පෙරහැර සඳහා ලබාදීම ප්‍රධාන ඓතිහාසික පුදබිම් කිහිපයකට පමණක් සීමා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..