brand logo
logo
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට  - 6ක් අතුරුදන්

දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට - 6ක් අතුරුදන්

16 April 2026

දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ ගිලී අනතුරක් සිදුවී තිබේ.


දියේ ගිලුණු පිරිස අතරින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇත.


මෙලෙස සොයාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සහ කාන්තාවකගේ මළසිරුරකි.


පොලීසිය පැවසුවේ පුද්ගලයින් 6 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවය.


අනතුර සිදුවී ඇත්තේ කොබෙයිගනේ පොලිස්බල ප්‍රදේශයේ කුරටියාගහමුල ප්‍රදේශයේදී ය.


කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර පසුව එම නිවසේ තවත් පිරිසක් සමඟ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා මෙලෙස දැදුරු ඔයට ගොස් ඇති බව පොලීසිය පවසයි.


 

More News..