brand logo
logo
පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක්

පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක්

09 February 2026

අම්බලන්ගොඩ ආඳාදොළ ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට අද (09) පොලීසියෙන් වෙඩි තබා තිබේ.


අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කිරීම සඳහා පොලීසිය විසින් නැවතීමට සංඥාකර ඇති අතර එම අවස්ථාවේ ලොරි රථය පොලිස් අණ නොතකා නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇත.


එහිදී පොලිස් නිලධාරීන් විසින් ලොරි රථය පසුපස හඹාගොස් නැවත්වීමට උත්සාහ කිරීමේදී ලොරි රථය තවදුරටත් පලා යාම හේතුවෙන් මෙලෙස වෙඩි තබා තිබේ.


ලොරිය පරීක්ෂා කිරීමේදී, එහි එළ ගවයින් 10 දෙනෙකු හා මී ගවයින් 04 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් එළ ගවයකුගේ ගෙල කපා ඝාතනය කර තිබී ඇත. 


කෙසේවෙතත් පොලීසිය පැවසුවේ ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5,200ක් හා ලොරි රථය ද සමඟ අත්අඩංගුවට ගත් බවය.


සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන අකුරැස්ස හා බේරුවල ප්‍රදේශවල පදංචිකරුවන් වේ.


ලොරි රථයේ රියැදුරු හා තවත් සැකකරුවෙකු පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


 

More News..