brand logo
logo
බොරලැස්ගමුවේ  සොරකම් කීපයක් සිදුකළ  අයෙක් අත්අඩංගුවට

බොරලැස්ගමුවේ සොරකම් කීපයක් සිදුකළ අයෙක් අත්අඩංගුවට

08 October 2026 | ජේ.පී.ඥානතිස්ස - ඛොරලැස්ගමුව


බොරලැස්ගමුව පොලිස් කොට්ඨාශයේ ස්ථාන හයක නිවාසවල හා ඉදිකිරීම් ස්ථානයන්හි ගබඩාවල තිබූ රුපියල් එකොලස් ලක්ෂ පනස්පන් දහස් හත්සිය හැත්තෑවක් අධික වටිනා වයර් තොගයක් හා ගෑස් සිලින්ඩරයක් සොරාගන්නා ලද පුද්ගලයෙකු ඉකුත් ඊයේ (07) වනදින බොරලැස්ගමුව නගර මධ්‍යයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. 


ගල්කිස්ස බඩෝවට පදිංචි වයස අවුරුදු 46 ක් වන සැකකරු මීට පෙර හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට බන්ධනාගාරගතව සිට මීට මාස හයකට පෙර ඇපමත මුදාහැර ඇති අයෙකූද වන බව හෙලිවී ඇතැයිද පොලීසිය පැවසීය. 


බොරලැස්ගමුව පොලීසිය ඊයේ දින පස්වරුවේ සිදුකල විශේෂ මාර්ග සෝදිසියකදී යකඩ අඩුපිහි, ඉස්කුරුප්පු නියන් ඇතුලු භාණ්ඩ කීපයක් සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත රැඟෙන ගොස් සිදුකල විමර්ෂණයට අනුව සැකකරු කරනලද සොරකම් 6 ක් පිළිබඳව අනාවරණය කරගත්.බව පොලීසිය පැවසීය. 


සොරාගත් වයර් තොග උණුකර තඹ කම්බි කිලෝව රුපියල් 3000 බැගින් පරණ බෝතල් කඩවලට අලෙවිකර ඇති බවට හෙලිවී ඇතැයිද පොලීසිය පැවසීය. 


 

More News..