brand logo
logo
අධිවේගයේ ගෙවීම් බැංකු කාඩ් මඟින් සිදුකිරීම මැයි 1 සිට ඇරඹේ

අධිවේගයේ ගෙවීම් බැංකු කාඩ් මඟින් සිදුකිරීම මැයි 1 සිට ඇරඹේ

11 April 2025

අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීම මැයි 1 වන දා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.


අද (11) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී debit සහ credit කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇත. 


touch and go ක්‍රමයට හෝ insert ක්‍රමයට තත්ත්පර 8ක් වැනි කාලයක් තුළ මෙය සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.


මෙහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද (11).කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.


මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටි. පාස්කරන් මහතා එම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරමින් කඩවත දෙස සිට සිය ජීප් රථයෙන් පැමිණ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ පිටවීමේ දොරටුවේ කවුළුව වෙත සංකේතවත් ලෙස කාඩ්පත මගින් මුදල් ගෙවීම සිදු කළේය.


ඒ අනුව අද (11) දින සිට කාඩ්පත් මගීන් ගෙවීම් කළ හැකි වන්නේ කොට්ටාව කඩවත අතර හුවමාරු ස්ථානවලදී පමණක් වන අතර ඒ සඳහා විශේෂ මන්තීරුවක් වෙන්කර ඇති බවත් එම මන්තීරුව භාවිතා කරන ලෙස මාර්ගයේ ගමන් ගන්නන්ට අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ ඒකකය දන්වයි.

 

More News..