ග්‍රෙගරි වැවේ සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළෙයි
19 April 2026
ග්‍රෙගරි වැවේ සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළෙයි
19 April 2026
නුවරඑළිය ග්‍රෙගරි වැවේ ධාවනය වූ ජෙට් ස්කී යාත්‍රාවේ වේගයත් සමඟ ඇති වූ රළ පහර හේතුවෙන් ඒ ආසන්නයෙන් ධාවනය වූ සංචාරකයින් රැගත් බෝට්ටුවක් අද (19) පස්වරුවේ පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ.
එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් සංචාරයින් පිරිස බේරා ගැනීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ යාත්‍රා පැදවූ පුද්ගලයන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හෙට (20) නුවරඑළිය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

