brand logo
logo
නාවික ප්‍රහාරක යාත්‍රා අනතුර ගැන හොයන්න විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

නාවික ප්‍රහාරක යාත්‍රා අනතුර ගැන හොයන්න විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

16 August 2026


අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කර තිබේ. 


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව මේ බව සඳහන් කළේය. 


මේ අතර අදාළ අනතුරින් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. 


මෙම යාත්‍රාව ඊයේ (15) දින අනතුරට පත්වීමෙන් අනතුරුව බේරාගත් නිලධාරින් 11 දෙනා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් නාවික හමුදාව නිවේදනය කළේය.


මේ අතර, අනතුරට පත් නාවික හමුදා යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම අද (16) දින ආරම්භ කර තිබේ.


ඒ සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා ඇති බව සඳහන්ය.


පවතින රළු මුහුදු තත්ත්වය මෙම මෙහෙයුම සඳහා සැලකිය යුතු අභියෝගයක්ව පවතින බව නාවික හමුදාව සඳහන් කරයි. 

 

More News..