එන්ජින් අඩුවක් නිසා දුම්රිය ගමන් වාර 4ක් අවලංගුයි
01 September 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
එන්ජින් අඩුවක් නිසා දුම්රිය ගමන් වාර 4ක් අවලංගුයි
01 September 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
දුම්රිය බලවේග කට්ටලයක් හා එන්ජිමක් නොමැති වීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ගමන් වාර දෙකක් හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් ඇතුළු දුම්රිය ගමන්වාර 04ක් අවලංගු කර තිබේ.
ඒ අනුව ඊයේ (31 වැනිදා) සහ අද (01 වැනිදා) පස්වරු 04.00ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන දුම්රිය සහ පෙරවරු 05.55ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙක ඒ සඳහා යෙදවීමට බලවේග කට්ටලයක් නොමැති වීම හේතුවෙන් දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ඇත.
ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පාර්සල් ප්‍රවාහනය කළ දුම්රියට යෙදවීම සඳහා දුම්රිය එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් ඊයේ (31 වැනිදා) එම දුම්රිය ගමන් වාර දෙකත් අවලංගු කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වන විට දිගින් දිගටම දුම්රිය ගමන් වාර අවලංගුවීම් වාර්තාවීම හා දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින අතර මේ හරහා මගී ජනතාව දිගින් දිගටම පීඩාවට ලක්වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

