Best News Website award
brand logo
logo
ස්ටාර්ෂිප් යානය සාර්ථකව යළි පෘථිවියට ගොඩබසී

ස්ටාර්ෂිප් යානය සාර්ථකව යළි පෘථිවියට ගොඩබසී

15 November 2026

ස්පේස්එක්ස් සමාගමේ ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය පැය 22ක ගමනකින් පසු සාර්ථකව යළි පෘථිවියට පැමිණ තිබේ.


අභ්‍යවකාශයේ සිට ආපසු පැමිණි යානය, එය දියත් කිරීමේ කුලුනේ යාන්ත්‍රික හස්තයන් මගින් සාර්ථකව හසුකරගැනීමට සමත්වූයේ ලොව පළමු වරටය.


එලෝන් මස්ක්ගේ ස්පේස්එක්ස් සමාගම සිය 15 වැනි ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය දියත්කර තිබුණේ ඉකුත් සිකුරාදා දිනයේදීය.


ටෙක්සාස්හි ස්ටාර්බේස් මධ්‍යස්ථානයෙන් දියත් කෙරුණු යානය පෘථිවිය වටා වට 14ක් ගමන් කර පැය 22ක ගමනකින් පසු සාර්ථකව යළි පෘථිවිය වෙත පැමිණ තිබුණි.

මෙහි විශේෂත්වය වූයේ අභ්‍යවකාශයේ සිට ආපසු පැමිණි එම යානයේ ඉහළ කොටස ටෙක්සාස්හි දියත් කිරීමේ කුලුනේ ඇති දැවැන්ත යාන්ත්‍රික හස්තයන් මගින් හසුකරගනු ලැබීමය.


පැයට සැතපුම් 17,000ක පමණ වේගයකින් පැමිණි යානය සිරස් අතට හැරී දැවැන්ත යාන්ත්‍රික හස්තයන් වෙතට සාර්ථකව ගොඩබැස්වීම සිදුවූ අතර මෙවැන්නක් සිදුවූ ලොව පළමු අවස්ථාව මෙය විය.

 

More News..