Best News Website award
brand logo
logo
AI අපනයන මැද චීන ආර්ථික වර්ධනය මන්දගාමී වෙයි

AI අපනයන මැද චීන ආර්ථික වර්ධනය මන්දගාමී වෙයි

19 November 2026


කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්‍රිත නිෂ්පාදන සඳහා වූ අපනයන වර්ධනය මෙම වසරේ චීනයේ ආර්ථික වර්ධනයට ප්‍රධාන ශක්තියක් වූ අතර, එය 2027 වසර දක්වාම බාහිර හා දේශීය අභියෝගවලින් සමස්ත ආර්ථිකය ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


එහෙත්, ඔක්තෝබර් මාසයේදී වර්ධන වේගය අඩාල වීමත් සමඟ දේශීය ඉල්ලුමේ පවතින දුර්වලතාව ආර්ථිකයට බාධාවක් වී ඇති ආකාරය පැහැදිලිව පෙනෙන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කර්මාන්තශාලා නිෂ්පාදනය මන්දගාමී වීම සහ දේශීය පරිභෝජනය දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන්, ඔක්තෝබර් මාසයේදී චීන ආර්ථිකයේ පසුබෑමක ලකුණු පෙන්නුම් කර ඇති බවය.


මේ හරහා ලොව දෙවැනි විශාලතම ආර්ථිකයේ තවදුරටත් සිය වර්ධනය පවත්වා ගැනීම සඳහා අපනයන මතම පමණක් කොපමණ කාලයක් යැපිය හැකිද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.


චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ කාර්මික නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 4.8% කින් වර්ධනය වී තිබේ.


එය 'Reuters'සමීක්ෂණ මගින් අපේක්ෂා කළ 5.3% ක වර්ධන වේගයට වඩා අඩු අගයක් වන අතර, සැප්තැම්බර් මාසයේ වාර්තා වූ 5.5% ක වර්ධනයට සාපේක්ෂව පහත වැටීමකි.


කෙසේවෙතත් කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත නිෂ්පාදන සහ මෝටර් රථ සඳහා පැවති ප්‍රබල විදේශීය ඉල්ලුම, දෙවැනි කාර්තුවේ පැවති ආර්ථික මන්දගාමීත්වයෙන් චීනය ගොඩගැනීමට උපකාරී වී තිබේ.

 

More News..