brand logo
logo
උද්ඝෝෂණයෙන් පසු හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලික විසඳුමක්

උද්ඝෝෂණයෙන් පසු හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලික විසඳුමක්

18 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය තාවකාලිකව හැටන් සහාකර කම්කරු කොමසාරිස් කාර්යාලයේ දැනට වසා ඇති පැරණි ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පැවසීය.


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ දැනට පවතින ඉඩ ප්‍රමාණවත් නොවිම සහ වැසි දිනවලදී එම ගොඩනැගිල්ල තුලට වැසි ජලය කාන්දුවීම හේතුවෙන් එම කාර්යාලය තුල වැඩ කරගෙන යෑමට නොහැකි බවට පවසමින් පසුගිය දා එම කාර්යාලයේ නිළධාරින් සහ සේවකයින් පිරිසක් කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයක නිරත විය.


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සිංහල සහ දමිළ පාසල් 140ක් පමණ පාලනය වන අතර, එම කාර්යාලය තුල සේවකයින් 80ක් පමණ සේවය කරනු ලබයි.


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය තාවකාලිකව හැටන් සහාකර කම්කරු කොමසාරිස් කාර්යාලයේ දැනට වසා ඇති පැරණි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යෑමටත් එම ගොඩනැගිල්ල අලුතින් ඉදි කිරිමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමෙන් පසු හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයක් එකම ගොඩනැගිල්ලක පවත්වාගෙන යෑම සදහා බහු කාර්ය ගොඩනැගිල්ලක් ඉදි කිරිමට සැලසුම් කර ඇති බවයි මංජුල සුරවීරආරච්චි කියා සිටියේ.

 

More News..