brand logo
logo
 ප්‍රදේශ රැසක පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ?

ප්‍රදේශ රැසක පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ?

05 October 2026


තමන් ඉන්ධන මිලදී ගන්නා මිලට වඩා අඩු මුදලට ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම නිසා බෙදාහැරීම් සීමා කිරීමට සිදුවන බව මෙරට තුළ ඉන්ධන බෙදාහැරීම් සිදුකරන ලංකා IOC,සයිනොපෙක් සහ R.M. පාර්ක් සමාගම් පසුගියදා පිරවුම්හල් හිමියන්ට දැනුම් දී තිබුණි.


මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉකුත් සැප්තැම්බර් 17වැනිදා රැස්වී තිබූ අතර එහිදී ඔවුන් අනතුරු ඇඟවූයේ ඉන්ධන මිල ගැටලුව නිරාකරණය නොවුනහොත් ඉදිරියේදී ඉන්ධන හිඟයක් රටතුළ ඇතිවිය හැකි බවයි.


එවන් පසුබිමක පසුගියදා සිදුකෙරුණු ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල ඉහළ නංවමින් ඩීසල් ලීටරයක් සඳහා රජයෙන් සහනාධාරයක් ද ප්‍රකාශයට පත්කෙරුණේ මෙම ඉල්ලීම් පිළිබඳ සලකාබලමිනි.


මෙවන් පසුබිමක ලංකා ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙන්නේ මෙම තත්ත්වයට හේතුව ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඇණවුම් කිරීමට ඉන්ධන සමාගම් අපොහොසත් වීම බවයි.


ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩී.වී. ශාන්ත සිල්වා මහතා,


"අද දින දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉන්ධන පිරවුම්හන්වල ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල ඉන්නවා කියලා දැකගන්න ලැබුණා .අපිව දැනුවත් කරලා තියෙනවා ඒ්කට හේතුව ඉන්ධන නොමැතිකමක් නෙමෙයි IOC,සයිනොපෙක් සහ R.M.පාර්ක් ආයතනවලට පෙට්‍රල් සහ ඩීසල්වලින් විශාල අලාභයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් රජයෙන් දෙන සහනාධාරය තිබුණත් එය ඔවුන්ට පාඩුවක් හැටියට තමයි ඔවුන් සඳහන් කරන්නේ. එම නිසා තමයි ඔවුන් ඉන්ධන ඇණවුම් කොච්චර කරත් සාමාන්‍යයෙන් සතියකට ඉන්ධන ඇණවුම් තුනක් හතරක් යවන තැනට පත්වෙලා තියෙන්නේ. එම සමාගම් තුනේ පිරවුම්හල්වල ඉන්ධන නොමැතිකමක් පේනවා. නමුත් CPC ඉන්ධන පිරවුම්හල්වල එවැනි තත්ත්වයක් ඇති වෙන්න බෑ. නමුත් ඔවුන් ඇණවුම් කරපු ඇණවුම්වලට ඉන්ධන නිසි වෙලාවට ලැබෙනවා නම් එම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැතිකමක් තියෙන්න බෑ.. සමාගම් තුනට නම සසදාගන්න බැරි වුණොත් මේ තත්ත්වය දිගටම බලපාන්න පුළුවන්" 

 

More News..