ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්
24 September 2026
ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්
24 September 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වූ චෝදනාවට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම විමර්ශනයට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙසත්, මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරනු ලැබීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
අද (24) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබුණි.

