ජංගම මැතිවරණ රාජකාරියට අලුත් ඇප් එකක්
14 November 2024 | සාලිය කුමාර ගුණසේකර, එෆ්.අස්ලම්
ජංගම මැතිවරණ රාජකාරියට අලුත් ඇප් එකක්
14 November 2024 | සාලිය කුමාර ගුණසේකර, එෆ්.අස්ලම්
මහ මැතිවරණයේ ජංගම මුර සංචාරක රාජකාරී සඳහා යොදවා සිටින නිලධාරීන්ට හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදුමක් මගින් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අධීක්ෂණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
මැතිවරණ රාජකාරි සඳහා පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අනූ දහසකට ආසන්න පිරිසක් යොදවා තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
පොලිසියේ නිලධාරීන් හැටතුන්දහස් එකසිය හතළිස් පහක්, විශේෂ කාර්ය බළකායේ තුන්දහස් දෙසීයක්, පොරොත්තු රාජකාරී සඳහා පොලිසියේ හයදහසක්, සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් දොළොස් දහස් විසි හතක්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් දොළොස් දහසක් මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති බවද හෙතෙම කීවේය.
එසේම ජංගම මුර සංචාර තුන්දහස් එකසිය නවයක් ද කැරළි මර්දන කණ්ඩායම් දෙසීය හතළිස් නවයක් යොදවා තිබෙන බවත් පෝස්ටර් ගැලවීමේ කම්කරුවන් එක්දහස් පන්සිය අනූ දෙදෙනකුත් වාහන හාරදහස් පන්සිය විසි පහකුත් යොදාගෙන තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.