brand logo
logo
හැටන් කොලඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්වයට

හැටන් කොලඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්වයට

25 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයෙන් ඊයේ (24) දින පස්වරු 6 ට පමණ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකක පමණ කලායක් ඇනහිට තිබුණි.


මීට ප්‍රථමද එම ස්ථානයේ පස් කන්ද කඩා වැටී තිබූ අතර, අද කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් විය.


මේ අතර, හැටන් බස් නැවතුම්පොළට ඉහළින් වූ පස් කන්දක් ගාල් කර තිබූ මස්කෙළිය බස් රථයක් අසළට අද දින පස්වරුවේ කඩා වැටී ඇත.


ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවූ අතර, පස් කන්ද යලි කඩා වැටිමේ අවධානමක් පවතියි.

 

More News..