දෙවිනුවර දේවාලයේ ඇසළ පෙරහැරේ කාවඩි නැටුම ගැන අවසන් තීරණය අද පස්වරුවේ
27 July 2026
දෙවිනුවර දේවාලයේ ඇසළ පෙරහැරේ කාවඩි නැටුම ගැන අවසන් තීරණය අද පස්වරුවේ
27 July 2026
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණය අද (27) පස්වරුවේ ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
අද දහවල් පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මේ බව තහවුරු කළේය.
පවතින තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා අද ප.ව. 4ට විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කැඳවා ඇත.
මේ සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය.

