brand logo
logo
ඇල්ලට එන ජෝඩුවලට සද්දේ දාලා සුද්දේ දීලා

ඇල්ලට එන ජෝඩුවලට සද්දේ දාලා සුද්දේ දීලා

15 May 2026 | •ජයන්ත වීරසේකර - වැල්ලවාය

ඇල්ල නගරයේ සංචාරක ස්ථාන වෙත පැමිණෙන පෙම්වතුන් බිය ගන්වා මුදල් හා රන් ආභරණ කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනකු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


එහි සැකකරුවකු තරුණ යුවළක් බිය ගන්වා තරුණිය කැලෑබද ප්‍රදේශයට රැගෙන ගොස් දූෂණය කර ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.


එසේම තවත් තරුණ යුවළකගේ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුතු රන් ආභරණ පැහැරගෙන ඇතැයිද පොලිසිය කියයි.


ඊට අමතරම තමන් පොලිස් නිලධාරීන් ලෙස පවසා තවත් තරුණ තරුණියන්ගේ ජංගම දුරකතන සහ විවිධ දේපළ කොල්ලකා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


සැකකරුවන් හාලිඇළ ප්‍රදේශයේ පදිංචි 33 සහ 28 යන වයස්වල පසුවන්නන් දෙදෙනකි.

ඔවුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

More News..