ට්‍රම්ප් ධවල මන්දිරයේදී දීපවාලි සමරයි
07 November 2026
ට්‍රම්ප් ධවල මන්දිරයේදී දීපවාලි සමරයි
07 November 2026
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවන් පිරිසක් සමඟ ධවල මන්දිරයේදී දීපවාලි උත්සවය සමරා තිබේ.
ඒ අනුව පසුගිය සිකුරාදා (06) ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී පැවති මෙම සැමරුමට අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ ප්රමුඛ පෙළේ සමාගම් ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ
මෙම අවස්ථාවට අමෙරිකාවේ ඉන්දීය තානාපති විනය් මෝහන් ක්වාත්‍රා, සුප්‍රකට සූපවේදී විකාස් ඛන්නා, ව්‍යවසායක විශාල් ගොන්ඩාල්, IBM ප්‍රධාන විධායක නිලධාරී අර්වින්ද් ක්‍රිෂ්ණා සහ FBI අධ්යක්ෂ කාශ් පටෙල් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ
එමෙන්ම අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ සමාජ ආරක්ෂණ පරිපාලනයේ නියෝජ්‍ය කොමසාරිස් අර්ජුන් මෝඩි ද මෙම සැමරුමට එක්ව සිටි බව සඳහන්.
මෙම සැමරුමේදී විශේෂ අවධානයක් දිනාගත් සිදුවීමක් වූයේ ව්‍යවසායක විශාල් ගොන්ඩාල් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත 'හනුමාන් චාලිසා' ග්‍රන්ථයේ පිටපතක් තෑගි කිරීමයි.
ඒ පිළිබඳව X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා සමඟ දීපවාලි උත්සවය සැමරීමට ලැබීම ගෞරවයක් බවයි.
හනුමාන් දෙවියන් වෙනුවෙන් තුල්සිදාස් විසින් රචනා කරන ලද හනුමාන් චාලිසා ග්‍රන්ථය ධෛර්යය, භක්තිය සහ ශක්තිය වෙනුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් කියවන ආගමික ග්රන්ථයක් බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
දීප පහන් දැල්වූ එම අවස්ථාවේදී ඉන්දියාව සහ අමෙරිකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වීමත්, අඳුර පරදා ආලෝකය ජයගැනීමත් වෙනුවෙන් තමන් ප්‍රාර්ථනා කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

