නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
02 August 2026
නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
02 August 2026
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු අගවා තිබේ.
අද (2) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටියේ, මෙම අනතුරු ඇඟවීම හෙට (3) ප.ව. 8 දක්වා වලංගුවන බවය.
එම ප්‍රදේශවල සුළගේ වේගය හෙට විටින් විට පැ.කි.මි. 60-70 දක්වා වැඩිවිය හැකි බවත්, ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ වරින්වර ඉතා රළු විය හැකි බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද වරින් වර පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩිවිය හැකි බවත්, ඒ හේතුවෙන් ප්‍රදේශවල මුහුද වරින් වර රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව සිය නිවේදනයෙන් අනතුරු අඟවා තිබේ.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල පවතින දැඩි සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

