brand logo
logo
2025 අයවැය ප්‍රකාශය ඇරඹෙයි (වීඩියෝ) Live Update

2025 අයවැය ප්‍රකාශය ඇරඹෙයි (වීඩියෝ) Live Update

17 February 2025

2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.


ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇත.


2025 අයවැය ප්‍රකාශය සජීවී ව පහතින් නරඹන්න,


* ආර්ථිකයේ විශාල ප්‍රජාතන්ත්‍රීකරණයක් අවශ්‍යයි


* සාම්ප්‍රදායික මුදල් වෙන්කිරීමෙන් බැහැරව ප්‍රමුඛතා හදුනාගෙන මුදල් වෙන් කළ අයවැයක්


* මූල්‍ය විනය සහ ආර්ථික දැක්මක් සහිතව සකස් කළ අයවැයක්


* දූෂණය, නාස්තිය අවම කරමින් සාමූහික විනයෙන් නව ගමනක් කරා යන ක්‍රමවේදයක් සකසනවා 


* දේශීය ව්‍යවසායකයා සහ මුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගන්වන අයවැයක්


* මේ වසරේ 5%ක ආරම්භ වර්ධනයක් අපේක්ෂා කරනවා


* ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලි සහනාධාරය සඳහා ජුලි මාසයේ සිට මුදල් වෙන්කර තිබෙනවා අස්වැසුම සඳහා අප මුදල් වැඩි කර තිබෙනවා. මෙවර අය වැයෙන් ප්‍රමුඛ කාර්ය සඳහා මුදල් වෙන්කර තිබෙනවා


* කාර්යක්ෂම වර්ධනය දූෂනය අවම කිරීම සඳහා කටයුතු කරනවා. හැම රුපියලකින්ම ආර්ථික සමාජ ප්‍රතිලාභ ලබාගත හැකි අයුරින් වියදම් කරනවා ප්‍රාග්ධන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතරක් වෙන් කර තිබෙනවා.


* ජනතාවගේ මූලික වැටුප අඩුවී ඇති බැවින් සාධාරණ වැටුප් වැඩි වීමක් ලබාදිය යුතුව තිබෙනවා. පුරවැසියන් රැකබලා ගැනීම මානුෂීය රජයක වගකීමක්.


* අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට, ගුණාත්මකව අඛණ්ඩව සැපයීමේ ක්‍රමවේදයක්


*අධික සංකේන්ද්‍රණයෙන් තොර ඒ්කාධිකාරියෙන් තොර සාධාරණ වෙළෙදපොළක් නිර්මාණය කරනවා 


* ඇ‌.ඩො. බිලියන 19ක අපනයනය ආදායමක් මේ වසරේ අපේක්ෂා කරනවා


*අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා


අයවැය යෝජනා


* ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්


*ආර්ථික ක්‍රියාවලිය සදහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් යොදාගැනීමට පියවර


*ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට පියවර


* භාණ්ඩ හා සේවා අපනයන සේවා වැඩිකිරීමට 2025 - 2029 සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්


*උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශවීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් ජාතික තිරුබදු ප්‍රතිපත්තියක්


* උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශවීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් ජාතික තිරුබදු ප්‍රතිපත්තියක්.


*ඉපැයීම් සහ අලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා නිරීක්ෂණය කිරීමට සුදුසු ක්‍රමවේදයක් හදනවා රාජ්‍ය සේවය ඩිජිටල් කරණය කරනවා රටේ ව්‍යාපාර කිරීමේ පහසුකම් වැඩි කරනවා


* බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරනවා. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ගැන නව පනතක් ඉදිරිපත් කරනවා


* නව රේගු පනතක්


* ආයෝජන ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම


* හරිත තාක්ෂණය සඳහා අවධානය


* ආර්ථික සංශෝධන පනත සංශෝධනය කිරීමට පියවර


* ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙනවා


* රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කරනවා


* ඩිජිටල් හැදුනුම්පත කඩිනමින්


* වරාය තදබදය දිගුකාලීන විසඳුම සඳහා අප කටයුතු කරනවා රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් අපට අවශ්‍යයි.එහි අපේ සිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 750ක් මේ වසර සඳහා වෙන් කරනවා


* බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරනවා. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ගැන නව පනතක් ඉදිරිපත් කරනවා


*ඩිජිටල් ආර්ථික අධිකාරියක් ස්ථාපනයට යෝජනා


* සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා රු. මි. 500ක්


*සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක්


*සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා සංවර්ධන බැංකුවක්. එහි පරිපාලන කටයුතු සදහා රාජ්‍ය බැංකුවල සහාය ලබාගැනේ


* බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ ජපන් ආධාර මත ආරම්භ කරනවා


* නව සොයාගැනීම් හා පර්යේෂණ වාණිජකරණය කිරීම සදහා නවෝත්පාදන හා නව නිපැයුම් අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 1000ක්


*රජයේ සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට පියවර


* අධික වියදම් දරණ රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කරනවා


* පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මේ වසරේ නිල රථ වාහන හෝ රථ වාහන බලපත්‍ර ලැබෙන්නේ නැහැ


* ත්‍රිපෝෂ වැඩසටහන සදහා රුපියල් මිලියන 5000ක්


*ගැබිනි මව්වරුන්ගේ පෝෂණ්‍ය සදහා රුපියල් මිලියන 7000ක්


* ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය කෙරේ


* වයෝවෘද්ධ ජනතාව සඳහා සහන සහ වයෝවෘද්ධ සත්කාර සේවා ලබාදෙනවා


* වතු ආශ්‍රිත සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට පියවර


* සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා රුපියල් බිලියන 604ක්


* ඖෂධ සැපයීම සදහා රුපියල් බිලියන 185ක්


* පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමට රුපියල මිලියන 1000ක්


* පෙර පාසල් දරුවකුගේ උදෑසන ආහාර වේලකට වැය කළ මුදල රුපියල් 100 දක්වා ඉහළට


* පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැවීමට රුපියල් මිලියන 100ක්


* සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල රු. 750 සිට රු.1000 දක්වා වැඩි කෙරේ


* යාපනය පුස්තකාලයේ පහසුකම් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 100ක් 


* 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාර මුදල රු. 750 සිට රු. 1500ක් දක්වා වැඩි කෙරේ


* සංශෝධිත විදුලිබල පනත කඩිනමින් සම්මත කරනවා


* පොහොර සහනාධාරය සදහා මේ වසරට රුපියල් මිලියන 35,000ක්


* 2025 මහ කන්නයේදී වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5000ක්


* කෘෂිකර්මාන්තය සදහා නිවැරදි දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර


* වී සහ සහල් තොග රැස්කිරීම, ගබඩා කිරීඹ සදහා නව නීති ගෙනඑමින් වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කෙරේ


* ත්‍රිකුණාමලයේ ඉතිරිව තිබෙන තෙල් ටැංකි 61ක් ජාත්‍යන්තරය සමඟ එක්ව සංවර්ධනය කිරීමට කටයුතු කරනවා


* සමූපකාර ක්‍රමවේදය දියුණු කිරීමට රුපියල් මිලියන 100ක්


* 2025-2026 වසරේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට රුපියල් මිලියන 2500ක්


* උතුරේ නව පොල් අක්කර 16,000ක් ස්ථානපනයට රුපියල් මිලියන 500ක්


* මිරිදිය ධීවර කර්මාන්තයේ දියුණුවට රුපියල් මිලියන 200ක්


* 2025 වසර සදහා අස්වැසුමට රුපියල් බිලියන 232.5ක් වෙන් කෙරේ


* වකුගඩු දීමනාව රු. 10,000ක් දක්වා වැඩි කෙරේ


* වැඩිහිටි දීමනාව රු. 5000ක් දක්වා ඉහළට


* පරිවාස භාරයේ සිටින දරුවන්ගේ සුබ සාධනය සදහා රුපියල් මිලියන 500ක්


* රැදවුම් නිවාස සහ අනාථ නිවාසවල දරුවන්ට රුපියල් 5000ක මාසික දීමනාවක්


* අවතැන් දරුවන් සදහා ස්ථාවර සහ ආරක්ෂිත නිවසක් ඉදිකිරීමට රුපියල් මිලියනයක්


* පුනරුත්ථාපනය වූවන්ට රැකියා ලබාගැනීමේ පහසු ක්‍රමවේදය සකස් කෙරේ


* මතින් තොර සමාජයක් වැඩසටහනට රුපියල් මිලියන පන්සියයක්


* ආපදා වන්දි මුදල රුපියල් මිලියනය දක්වා ඉහළට


* උත්සව සමයට වියළි ආහාර සලාකයක් ලබාදීම සදහා රුපියල් මිලියන 1000ක්


* ලංකා සතොස හරහා උත්සව සමයේ ජනතාවට සහන බඩු මල්ලක් ලබාදීමට වැඩසටහනට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ


* පරිවාස භාරයේ සිටින දරුවන්ගේ සුබ සාධනය සදහා රු. මිලියන 500ක්


* වරදකරුවන් වූ සිරකරුවන් සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහනක්


* වැඩිහිටි දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කෙරේ


* ලංගම සහ පුද්ගලික බස් රථ ධාවනයට ඒකාබද්ධ කාලසටහනක්


* දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයට රු. මිලියන 500ක්


* දෛනික කටයුතු සදහා භාණ්ඩාගාරයෙන් ශ්‍රී ලන්කන් ගුවන සේවයට මුදල් දෙනු නොලැබේ


* පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරනවා. නවීන සුව පහසු බස් රථ සමූහයක් නියම ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙනවා. කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සඳහා පළමුවෙන් බස් රථ සීයක් යොදනවා. එම කාර්ය සඳහා රුපියල් මිලියනන 3000ක්


* නව බස් රථ නව බස් සමාගමක් යටතේ ස්ථාපිත කෙරේ


* ශ්‍රී ලන්කන් සමාගමේ ණය සහ පොලිය ගෙවීමට රුපියල් මිලියන 20,000ක්


* දුම්රිය ප්‍රවාහනය නවීකරණය කරයි දුම්රිය කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500ක්


* අවිස්සාවේල්ලෙන් ඔබ්බට දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250ක්


* ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරියට ගෙන යාමට රුපියල් මිලියන 5000ක් වෙන් කෙරේ


* අපද්‍රව්‍ය පහසුකම් කළමනාකරණයට රුපියල් මිලියන 750ක්


* අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා රුපියල් මිලියන 300ක් අලි මිනිස් ගැටුමේ වන්දි සඳහා රුපියල් මිලියන 250ක්


* සියලු ජනතාවට එක්ව සතුටු විය හැකි සංස්කෘතික උළෙලක් පවත්වනවා


* ශ්‍රී ලාංකික දිනය නමින් ජාතික උත්සවයක්


* කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන් වෙනුවෙන් නව මහල් නිවාස සංකීර්ණයක්


* රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට 30,000ක් බදවා ගැනීමට සැලසුම්


* රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික මුලික වැටුප රු. 24,250 සිට රුපියල් 40,000 දක්වා ඉහළට


* රු. 15,750ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් ඉහළට


* පුද්ගලික අංශයේ අවම මාසික වැටුප රු. 21,000 සිට 2026 වසර වන විට රු. 30,000ක තෙක් ඉහළ නැංවීමට යෝජනා


* 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් අදියර 03කින් වැඩි කෙරේ


* රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සදහා නව නීති සම්පාදනය කෙරේ


* වතුකම්කරුවන්ගේ යෝජිත රුපියල් 1700ක දෛනික වැටුප ලබාදීම සහතික කරයි


* ශ්‍රී ලංකාවට කාසි හා නෝට්ටු රහිත ඩිජිටල් ආර්ථිකයකට පියවර


* බදු පැහැර හැරීම් සහ නීතිවිරෝධී මූල්‍ය ක්‍රියා වැළැක්වීමට පියවර


* නිලධාරීන්ට අවශ්‍ය සහාය අපි දෙන්නම් ඔබේ සහාය රටට දෙන්න



 

More News..