ශ්‍රීලංකන් කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
21 July 2026
ශ්‍රීලංකන් කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
21 July 2026
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.
ඒ අනුව, ඊයේ (20) සිට ජූලි 26 වන දින දක්වා කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා 1979 ක්ෂණික දුරකථන අංකය හරහා හෝ +94 11 777 1979 හෝ +94 74 444 1979 යන වට්ස්ඇප් අංකයට කෙටි පණිවුඩයක් යොමු කළ හැකිය.
එසේත් නොමැති නම් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

