brand logo
logo
බොරතෙල් මිල තවත් පහළට

බොරතෙල් මිල තවත් පහළට

10 November 2026


ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 7කට වඩා වැඩි අගයකින් පහත වැටී තිබේ.


පසුගිය අගෝස්තු මස අගභාගයෙන් පසු බොරතෙල් මිල මේ ආකාරයේ අවම මට්ටමකට පත්වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙයි.


ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.57ක් දක්වා ඩොලර් 5.75%කින් පහත වැටුණු අතර, ගනුදෙනු අවසන් වීමෙන් පසුවද මිල තවදුරටත් පහත වැටුණි.


ඩබ්ලිව්.ටී.අයි අමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.85 ක් දක්වා ඩොලර් 3.98% කින් අඩුවිය.


කොවිඩ්-19 වසංගත සමයේ ආරම්භයෙන් පසු, බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය පසුගිය සතියේදී 16%කින් පහත වැටුණු අතර, එය ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම සතිපතා මිල පහත වැටීමකි.


මැදපෙරදිග ගැටුම් අවසන් කිරීමේ ධනාත්මක තත්ත්වයක් පවතින නිසා, මේ මොහොතේ ඉරානයට එරෙහිව නව ප්‍රහාර දියත් කිරීම අවශ්‍ය නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

 

More News..