වෙහෙරගල එඬරුලන්ද මාර්ගයේ පාලම ඉඳිකරයි
11 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
වෙහෙරගල එඬරුලන්ද මාර්ගයේ පාලම ඉඳිකරයි
11 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වෙහෙරගල ග්‍රාම සේවා වසමේ වෙහෙරගල එඩරුලන්ද මාර්ගය හරහා පාලමක් ඉඳිකිරීමට මොනරාගල ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.
එම මාර්ගයේ තිබූ බෝක්කුව අබලන්ව පැවතීම නිසා ප්‍රදේශයේ ගොවි ජනතාව පීඩාවට පත්ව සිටි අතර ඒ පිළිබඳව අවධානය යොමුකළ මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක කුරුප්පු විසින් ඌව පළාත් පාලන දෙපාර්තුමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත පාලම ඉඳිකිරීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන නවයයි දශම හයකි.
මෙම පාලම ඉඳිකිරීමෙන් පසු වෙහෙරගල,එඩරුලන්ද සහ කවුඩාව යන ප්‍රදේශ වල ජනතාවට සහ පාසල් දරුවන්ට තම ගමනාගමන කටයුතු පහසුවෙන් ඉටු කරගත හැකිය.

