ආපදා සහන සේවා නිලධාරීන්ට නව චක්‍රලේඛයක්
07 March 2026
ආපදා සහන සේවා නිලධාරීන්ට නව චක්‍රලේඛයක්
07 March 2026
දිවයිනේ පැවති ආපදා තත්ත්වය කලමනාකරණයට සක්‍රීයව දායක වූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ගෙවන විශේෂ දෛනික දීමනා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම වැඩපිළිවෙළ පසුගිය වසරේ නොවැම්බර් මස 21වනදා සිට බලාත්මක වේ.
ආපදා සහන සේවාවල නියුතු නිලධාරීන්ට ඔවුන්ගේ සේවා මට්ටම් අනුව රුපියල් 2500, 2000, 1600, 1400 සහ රුපියල් 800ක් වශයෙන් දීමනා හිමි වේ.
එමෙන්ම ආපදාවට ලක් වූ ප්‍රදේශවල සෘජුව රාජකාරී කරන ග්‍රාම නිලධාරීන්ට දිනකට රුපියල් 1,500ක දීමනාවක් හිමි වන බවට වාර්තා වේ.
ආපදාවට ලක් නොවූ ප්‍රදේශවල සිට සහන සේවා සඳහා පැමිණෙන ග්‍රාම නිලධාරීන්ට දිනකට රුපියල් 1,000ක දීමනාවක් හිමි වේ.

