බ්‍රිතාන්‍යයේ විශාලතම ඇමෙරිකානු ගුවන් කඳවුරට ඉහළින් නාඳුනන ඩ්‍රෝන යානයක්
14 November 2026
බ්‍රිතාන්‍යයේ විශාලතම ඇමෙරිකානු ගුවන් කඳවුරට ඉහළින් නාඳුනන ඩ්‍රෝන යානයක්
14 November 2026
බ්‍රිතාන්‍යයේ RAF ලේකන්හීත් (RAF Lakenheath) ගුවන් හමුදා කඳවුරට ඉහළින් සිකුරාදා සවස් කාලයේදී හඳුනා නොගත් සැකකටයුතු ඩ්‍රෝන යානයක් පියාසර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කඳවුරේ ඉහළ නිලධාරීන් සැකකටයුතු අනවසර ඩ්‍රෝන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති නමුත්, ඉන් කඳවුරේ සේවකයින්ට, ගුවන් යානාවලට හෝ යටිතල පහසුකම්වලට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
එක්සත් ජනපද සේවා සාමාජිකයින්ගේ, සිවිල් වැසියන්ගේ, කොන්ත්‍රාත්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බ්‍රිතාන්‍ය බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර, බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද ගුවන් හමුදා ආරක්ෂක නිලධාරීන් අනවසර ඩ්‍රෝන ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවලට ප්‍රතිචාර දක්වා ඇති බවත්, මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවත්ය.
සිද්ධියට අදාළ කරුණු තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපද පාර්ශ්වය සමඟ සමීපව කටයුතු කරන බවත්, ඉදිරියේදී අවශ්‍ය යාවත්කාලීන කිරීම් ලබාදෙන බවත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
මෑත සතිවලදී ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා භාවිත කළ එක්සත් ජනපද බෝම්බ හෙළන ගුවන් යානා බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගොස් ඇති අතර, විශාල ඉන්ධන පිරවුම් ගුවන් යානා ද බ්‍රිතාන්‍යයේ සිට ජර්මනියට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර, පසුව නිකුත් වූ තවත් ප්රවෘත්ති වාර්තාවක සඳහන් වී ඇත්තේ අදාළ ගුවන් හමුදා කඳවුරට ඉරානයෙන් තර්ජනයක් එල්ල වී ඇති බවයි.


