brand logo
logo
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගු වාහන පෝලිම්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගු වාහන පෝලිම්

15 April 2026

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව ප්‍රවේශයේ අද (15) දින දිගු පෝලිම් දැකගත හැකි බව වාර්තා වේ.


මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. 


සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවලට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව එහි ධාවන අධ්‍යක්ෂ, ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළාය. 


එමෙන්ම අද (15) සාමාන්‍ය කාර්යාල දිනයක් වන බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලැසුම් කර ඇත. 


එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සදහා එක්කරන බවය.

 

More News..