ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවන්න සහන කාලයක් ලබා දෙන්න
04 February 2026
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවන්න සහන කාලයක් ලබා දෙන්න
04 February 2026
රටේ ණය ගෙවීම සඳහා රජයට සහන කාලයක් ලැබුණා සේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවීම සඳහාත් සහන කාලයක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ ගැටලු පිළිබඳව පැවැති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ලක්ෂ 11ක් පමණ සිටින බවත්, ඔවුන් ලක්ෂ 45කට රැකියා ලබා දෙමින් දළ දේශීය නිෂ්පාදනයට 52% දායකත්වයක් ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් පසුගිය කාලයේ රටේ සිදු වූ ඛේදවාචක නිසා ව්‍යාපාර හා කර්මාන්ත කඩා වැටීම මොවුන්ගේ වරදක් නොවන බවත්, 2022 සංඛ්‍යා ලේඛන අනුව 263,000ක කර්මාන්ත වැසී ගොස් තවත් 150,000ක් පමණ බංකොලොත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් රටේ ණය පියවීම සඳහා 2028 වසර තෙක් සහන කාලයක් ලැබී ඇති නමුත්, රටේ ආර්ථික ජීවනාලිය වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලැබෙන්නේ පරාටේ නීතිය නතර කරන විරාමයක් වුවත්, ඒ කාලයේ මොවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු නොවූ නිසා බරපතළ ගැටලු රැසකට මුහුණ දී ඇති බව ඔහු පවසයි.
එනිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
සහන ණයක් ලබාදීමට යෝජනා වුවද, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බහුතරයකට එම ණයවලට ප්‍රවේශ විය නොහැකි ණය මර උගුලක සිරවී ඇති ඔහු පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් පැහැදිලි සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම ණය වැඩසටහනට ප්‍රවේශ වන්නට අවස්ථාව දිය යුතු බවත් ඔහු පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක සහනයක් මොවුන්ට දි ඇති බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සිය ස්තූතිය පුද කළේය.
බැංකු පද්ධතිය විවිධ ඛේදවාචකයන් තුළ පවා සුවිශාල ලාභ ලැබූ නිසා මේ ලාභ මොවුන්ටද හිමිවිය යුතු බවත්, සාධාරණ ලාභයක් ලැබිය යුතු වුවත් මේ වනවිට සුපිරි ලාභ ලබා ඇති නිසා ඉන් කොටසක් මොවුන් වෙනුවෙන් කර ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කළ යුතු ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

