පාකිස්තාන තරගාවලියේ ප්‍රවේශපත් නිකුත් කිරීම ඇරැඹේ
05 January 2026
පාකිස්තාන තරගාවලියේ ප්‍රවේශපත් නිකුත් කිරීම ඇරැඹේ
05 January 2026
දඹුල්ල ක්‍රීඩාංගණයේදී අනිද්දා (7 වැනිදා) ඇරැඹෙන ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් මිලදී ගැනීම සඳහා ප්‍රේක්ෂකයන්ට අද (5 වැනිදා) සිට අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
ප්‍රවේශපත් මිල රු. 750 සිට ඇරැඹෙන අතර ඉහළම ප්‍රවේශපතක මිල රු.10,000ක් වේ. ප්‍රවේශපත් මාර්ගගත ක්‍රමවේදයට මෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුන්ටරයෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්යාලයෙන් ද මිලදී ගැනීමේ හැකියාව පවතී.
තරග 3කින් යුත් තරගාවලිය අනිද්දා පළමු තරගයෙන් ඇරැඹෙන අතර දෙවැනි සහ තෙවැනි තරග 9 සහ 11 දිනවල පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ලාභය ‘Rebuilding Sri Lanka' වැඩසටහනට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

