brand logo
logo
ලකණු 7කින් ජයගත් ඉන්දියාව අවසන් මහා තරගයට

ලකණු 7කින් ජයගත් ඉන්දියාව අවසන් මහා තරගයට

05 March 2026

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මීට සුළු වේලාවකට පෙර ඉන්දීය කණ්ඩායම සමත් විය.


ඒ, එංගලන්ත කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත් කිරීමත් සමගය.


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 253ක් රැස්කර ගැනීමට සමත් විය.


අනතුරුව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 246ක් පමණී.


ඒ අනුව පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය ලබන ඉරිදා පැවැත්වෙනු ඇත.

 

More News..