brand logo
logo
කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පවුල් 3,966ක් බලපෑමට - නලින්ද ජයතිස්ස

කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පවුල් 3,966ක් බලපෑමට - නලින්ද ජයතිස්ස

27 October 2026

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පවුල් 3,966ක් බලපෑමට ලක්ව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


එහිදී අමාත්‍යවරයා පැවසුවේ අද උදෑසන 10 වන විට මෙය වාර්තා වී ඇති බවත් එම පවුල්වලට අයත් පුද්ගලයින් 14,485ක පුද්ගලයින් මේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම අයහපත් කාලගුණය හමුවේ මේ වන විට එක් මරණයක් වාර්තා වී ඇති බවත් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල වී ඇතැයි වාර්තා වී ඇති බව පැවසූ අමාත්‍යවරයා පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 312ක් වාර්තා වී ඇතැයිද සඳහන් කළේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක මධ්‍යස්ථාන 13ක පවුල් 181කට අයත් පුද්ගලයින් 554ක් රඳවා ඇතැයිද ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් මේ වන විටත් ලබා දීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"ඇතිවූ ආපදා තත්ත්වයෙන් අද (27) උදෑසන 10 වන විට පවුල් 3,966ක් බලපෑමට ලක්වෙලා 14,485ක් පුද්ගලයින් මේ කාලගුණය හේතුවෙන් බලපෑමට ලක්වෙලා තිබෙනවා. එක් මරණයක් වාර්තා වුණා. තුවාල ලැබූ පුද්ගලයින් තුනක් වාර්තා වෙනවා. පූර්ණ නිවාස හානි 2ක් තියෙනවා අර්ධ නිවාස හානි 312ක් තියෙනවා දැනට මධ්‍යස්ථාන 13ක පවුල් 181කට අයත් පුද්ගලයින් 554 දෙනෙක් ඒ මධ්‍යස්ථානවල රඳවාගෙන පහසුකම් ලබා දෙනවා රත්නපුර, කොළඹ, මන්නාරම, සහ නුවරඑළිය කියන දිස්ත්‍රික්කවල තමයි මේ මධ්‍යස්ථාන 13 පවතින්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරලා තියෙන හැටියට ඔක්තෝබර් 28 වෙනිදා පෙරවරු 11.30 වන විට ඉන්දියන් ගොඩබිමට මේ කුණාටුව ගමන් කිරීමට නියමිතයි. ඊට අමතරව රත්නපුර, කෑගල්ල, මහනුවර, කොළඹ යන දිස්ත්‍රික්කවල යුධ හමුදා කණ්ඩායම්, නාවික හමුදා කණ්ඩායම් සහ පොලිස් කණ්ඩායම් යොදවලා තියෙනවා." 

 

More News..