ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
03 June 2026
ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
03 June 2026
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, අද (03) දිනයේ දිවයිනේ ඉහළම උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක් ලෙස පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මීට අමතරව දිවයිනේ ප්‍රධාන නගර සහ ප්‍රදේශ කිහිපයකම ඉහළ උෂ්ණත්වයන් වාර්තා වී ඇති අතර, මොනරාගල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.7 ක ද, මුලතිව් ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.1 ක ද සහ මත්තල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 34.8 ක ද ඉහළ උෂ්ණත්වයන් වාර්තා වී තිබේ.
තවද, පොලොන්නරුව (34.6°C), ත්‍රිකුණාමලය (34.5°C) සහ වවුනියාව (34.2°C) යන ප්‍රදේශවල ද දැඩි උණුසුම් කාලගුණයක් පැවති බව කාලගුණ වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, අද දිනයේ දිවයිනේ අඩුම උපරිම උෂ්ණත්වය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 19.1 කි.
බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 27.4 ක සහ කටුගස්තොට ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 29.0 ක සාපේක්ෂව අඩු උෂ්ණත්වයන් වාර්තා වී ඇත.
දිවයිනේ සෙසු ප්‍රධාන නගරවල වාර්තා වූ උපරිම උෂ්ණත්වයන් පහත පරිදි වේ.
කොළඹ - 31.2°C
රත්මලාන - 32.6°C
කටුනායක - 31.7°C
ගාල්ල - 30.0°C
හම්බන්තොට - 33.3°C
යාපනය - 33.1°C
මන්නාරම - 31.8°C
අනුරාධපුරය - 32.5°C
කුරුණෑගල - 32.2°C
මඩකලපුව - 33.7°C
රත්නපුර - 31.6°C
බදුල්ල - 31.5°C
පුත්තලම - 31.5°C
මහඉලුප්පල්ලම - 31.6°C
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

