බද්දේගම ත්‍රිත්ව ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
05 October 2026
බද්දේගම ත්‍රිත්ව ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
05 October 2026
බද්දේගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් 27 වනදා සිදුවූ මෙම ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව, සිදුකළ විමර්ශනවලට අදාළව ඊයේ (04) අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

