ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්
01 June 2026
ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්
01 June 2026
ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන අද (01) සිට ශ්‍රී ලංකාවේ සියලු මාතෘ සායන වල ආරම්භ කර තිබේ.
ඒ අනුව අද සිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන්ට හෙපටයිටීස් - බී - Hepatitis B virus තිබේදැයි සොයා බැලීමට රුධිරය පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.
දිවයිනේ සියලු මාතෘ සායන වලදී මෙසේ රුධිරය පරීක්ෂා කිරීම සිදු කරන බව දැනුම් දී තිබේ.
මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණය වැළැක්වීමට රුධිරය පරීක්ෂා කිරීම කලක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය.
එම ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථක බවටත්, මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශනය වීම වැලැක්වූ රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණි.
එසේම අඛණ්ඩව මෙම සාධනීය තත්ත්වය පවත්වා ගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය හා ප්‍රශංසාව හිමිව ඇත.

