brand logo
logo
විදුලි බිඳවැටීම නිසා ජල සැපයුමට බාධා

විදුලි බිඳවැටීම නිසා ජල සැපයුමට බාධා

17 October 2026


දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුම් කටයුතුවලට බාධා ඇතිවිය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.


විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජලය පොම්ප කිරීම සහ බෙදාහැරීම ඇතුළු මෙහෙයුම් කටයුතුවලට බලපෑම් ඇතිවීමේ හැකියාව පවතින බව එම මණ්ඩලය පෙන්වා දෙයි.


එම තත්ත්වය හමුවේ පවතින ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරමින් ජලය අපතේ යාම වළක්වා ගැනීමට සහාය වන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.


මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අපහසුතා පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කර තිබේ.

 

More News..