මුවෙකුගේ ප්රහාරයකින් වීරවිල එළිමහන් සිරකඳවුරේ රැඳවියෙකු මරුට
09 November 2026
මුවෙකුගේ ප්රහාරයකින් වීරවිල එළිමහන් සිරකඳවුරේ රැඳවියෙකු මරුට
09 November 2026
වීරවිල එළිමහන් සිරකඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටි රැඳවියෙකු මුවෙකුගේ ප්රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ පුද්ගලයා කඳවුරු භූමියේ පිරිසිදු කිරීමේ කටයුත්තක නිරතව සිටියදී එහි නිදැල්ලේ සැරිසරමින් සිටි මුවෙකු විසින් ඔහුට මෙලෙස ප්රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
එහිදී තුවාල ලැබූ ඔහු දෙඹරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරපලාන ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ දේහය දෙඹරවැව රෝහලේ තැන්පත් කර ඇති අතර, අද (09) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

