ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
24 October 2026
ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
24 October 2026
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ප්රබල අකුණු ඇති විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
එම ප්රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද සඳහන්.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසය.

