brand logo
logo
පොලිසියේ වාහන ජනතාවට පදින්න අවස්ථාවක්

පොලිසියේ වාහන ජනතාවට පදින්න අවස්ථාවක්

25 July 2026 | එෆ්.අස්ලම්

පොලිසියේ භාවිතයෙන් ඉවත් කර තිබෙන වාහන 500 ක් වෙන්දේසි කර විකිණීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.


ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සහ වෙන්දේසි කරුවෙකු තෝරා පත්කර ගැනීම මේ වනවිටත් සිදුකර අවසන් බව පොලිස් මූලස්‍ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.


අබලන් තත්ත්වයේ පවතින මෙම වාහන අතර යතුරුපැදි දෙසීය හැත්තෑවක ප්‍රමාණයක් තිබෙන අතර සෙසු වාහන ජීප් රථ හා අනෙකුත් වාහන වේ.


මෙම වාහන වෙන්දේසි කර අලෙවි කිරීමේ වගකීම මුළුමනින්ම වෙන්දේසි සමාගමට භාර දී ඇති අතර ඒ වෙනුවෙන් සෑම ගනුදෙනුවකින්ම සියයට ප්‍රතිශතයක් එම සමාගමට හිමි වේ.


මෙම වාහනවලින් රුපියල් මිලියන 300 කට අධික ආදායමක් බලාපොරොත්තු වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.


පොලිසියට වාහන හාරදහසක අවශ්‍යතාවක් පවතින අතර අලුතින් වාහන පන්සියයක් මිලදී ගැනීමට ද සැලසුම් කර ඇත.



 

More News..