මී උණෙන් වසරකට 300ක් මරුට
13 November 2026 | ශිරාන් රණසිංහ
මී උණෙන් වසරකට 300ක් මරුට
13 November 2026 | ශිරාන් රණසිංහ
මී උණෙන් වසරකට පුද්ගලයන් 300ක් පමණ මියයන බවත් එසේ මියයන්නේ දින පහක් හයක් තිස්සේ උණ වැලඳී ප්‍රතිකාරවලට අන්තිම මොහොතේ පැමිණීම නිසා යැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාරි දබ්බරේරා පවසයි.
මේ වසරේ දී මී උණ රෝගීන් 7000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි ද මහා කන්නයේ සහ දැනට පවතින මෝසම් වැසි හේතුවෙන් රෝගීන් වැඩිවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඇය කියයි.
වැඩිම මී උණ රෝගීන් වාර්තා වී ඇත්තේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලිනි. කෙසේ වෙතත් සෑම දිස්ත්‍රික්කයකින්ම මී උණ රෝගීන් වාර්තා වන බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
ලෙප්ටොස්පයිරෝසිස් (Leptos) හෙවත් මී උණ බැක්ටීරියාවක් මගින් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝගයකි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පෙරේදා (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළි කෙරිණි.


