brand logo
logo
රුසියානුවන් රැගෙන සංචාරයේ ගිය මත් රියැදුරා බණ්ඩාරවෙලදී අල්ලයි

රුසියානුවන් රැගෙන සංචාරයේ ගිය මත් රියැදුරා බණ්ඩාරවෙලදී අල්ලයි

05 November 2026 | පාලිත ආරියවංශ - බදුල්ල


විදේශීය සංචාරකයන් පිරිසක් ප්‍රවාහන කරමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක රියැදුරු මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතාකර රිය පදවමින් සිටියදී ඉකුත් 03දා බණ්ඩාරවෙල දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.


ඔහු දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර සිදුකළ පරීක්ෂාවේ විෂමත් ද්‍රව්‍ය සහ මත්පැන් පානය කර ඇති බව තහවුරු වූ බවද පොලිසිය පැවසීය.


සැකකරු පැදවූ වෑන්රථය සංචාරකයන් ප්‍රවාහනය කරන සමාගමකට අයත් එකක් බව විමර්නවලදී අනාවරණය වී තිබේ.


12 දෙනෙකුගෙන් යුත් රුසියානු ජාතික කණ්ඩායමක් මෙම වාහනයෙන් කළුතර සිට වැල්ලවාය ඔස්සේ ඇල්ල දක්වා පැමිණ, දෙමෝදරට ගොස් ඇති බවත් බවත් දෙමෝදර දුම්රියස්ථානයේදී සංචාරකයන් දුම්රියට නංවා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී ඔවුන් ගැනීමට රියැදුරා වෑන් රථය පදවාගෙන යමින් සිටි බවත් විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.


මෙම රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සංචාරක පිරිසගේ ඉදිරි සංචාරකය ප්‍රමාදයකින් තොරව කරගෙන යෑම සඳහා වෙනත් රියදුරකු යෙදවීමට පොලිසිය කටයුතු කර තිබිණි.


බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ බණ්ඩාරවෙල වැඩබලන පොලිස් අධිකාරි රුවන් ප්‍රනාන්දප්‍රනාන්දුගේ උපදෙස් මත බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




© 2026 All Rights Reserved. Powered by Summit


 

More News..