brand logo
logo
නේපාලයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාර ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය

නේපාලයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාර ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය

27 August 2026


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට තීරණය කර ඇති අතර, එමගින් විපතට පත් ජනතාව සඳහා හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීමට අපේක්ෂා කෙරේ.


ජල ගැලීම හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සහ ජනතාව මුහුණදී ඇති පීඩාව පිළිබඳව ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර, විපතට පත් පවුල් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සාතිශය සංවේගයද පළ කර තිබේ.


ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ දැඩිව සිටින බවයි.


මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමඟ අද පෙරවරුවේ දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය පළ කර තිබේ.


නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදිය හැකි තවත් සුදුසු සහයෝගීතා ක්‍රමවේද පිළිබඳවද රජය අවධානය යොමු කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

 

More News..