brand logo
logo
සරසවි ඇදුරෝ අද වැඩවැරුමක

සරසවි ඇදුරෝ අද වැඩවැරුමක

30 October 2026 | නිලන්ත මදුරාවල


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (30 වැනිදා) සං‌කේත වැඩවර්ජනයක නිරත වෙති. ආචාර්යවරුන්ගේ පුරප්පාඩු පිරවීම, වැඩිවන ශිෂ්‍යන්ට අදාළව පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ ‘අරුණ’ට ඊයේ (29 වැනිදා) පැවසීය.


2015 වසර වන විට විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට හතළිස් පන්දහස දක්වා වැඩි වී තිබෙන බවත් ඊට සාපේක්ෂව පහසුකම් වැඩි වී නොමැති බවත් කී ලේකම්වරයා 2015 වසරේ දී පන්දහස් අටසියයක් පමණ වූ ආචාර්යවරුන් අතරින් දහසක් පමණ මේ වන විට විශ්වවිද්‍යාල හැර ගොස් ඇතැයි ද පෙන්වා දුන්නේය.


මෙම ගැටලු සම්බන්ධයෙන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සමග කළ සාකච්ඡා අසාර්ථක වූ බව ද සාකච්ඡාවක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.


අදාළ වර්ජනයට එක්වන ආචාර්යවරු කොළඹ දී අද (30 වැනිදා) විරෝධතා පාගමනක් පැවැත්වීමට ද නියමිත ය.

 

More News..