brand logo
logo
 22 වන සංශෝධන පනතේ පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අද පස්වරු 3.00 දක්වා අවස්ථාව

22 වන සංශෝධන පනතේ පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අද පස්වරු 3.00 දක්වා අවස්ථාව

03 September 2026

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනුකිරීම සඳහා අද (03) දිනයේ අවස්ථාව ලබා දී තිබේ.


අද පස්වරු 3.00ට පෙර එම ලිඛිත දේශන ගොනුකිරීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ (02) දිනයේ අවසන් කෙරුණි.


පෙත්සම් විභාගය අවසන් කරමින් විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන්ට නියෝග කර ඇත්තේ, ඒ සඳහා වන ලිඛිත දේශන ඇත්නම් අද දිනය තුළ ඒවා ඉදිරිපත් කරන ලෙසය.


අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව ද අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල එහිදි සඳහන් කර තිබේ.

 


 

More News..