නිකවැරටිය ජන හමුව ගැන වෛරී ප්‍රකාශයක් පළ කළ රුහුණු සරසවි සිසුවා ඇප මත නිදහස්
13 October 2026 | පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල
නිකවැරටිය ජන හමුව ගැන වෛරී ප්‍රකාශයක් පළ කළ රුහුණු සරසවි සිසුවා ඇප මත නිදහස්
13 October 2026 | පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වූ ජන හමුවක් නිකවැරටිය නගරයේ පැවැති දිනයේදී (11) ජනතාව අතර අසමගිය පතුරුවන වෛරී ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා පැතිරවීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
සැකකාර ශිෂ්‍යයා නිකවැරටිය දිගන්නෑව පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
පසුගිය 11 දින ජනාධිපතිවරයා නිකවැරටිය නගරයේදී පැවති ජන හමුවකට සහභාගි වන දිනය ඉලක්ක කරමින් ඔහු මුහුණ පොතේ පවත්වාගෙන යන තම ගිණුමේ " එකොළොස් වැනිදා මුළු නිකවැරටියම ලේ විලක්. ලේ විලක් වෙන්නේ ලේ වලින් ලියැවුණු ජීවිත වල කර්මයට සිදු වන දායාදයට අනුවයි " යනුවෙන් සටහනක් පළ කර ඇත.
ඔහු මේ ප්‍රකාශයම එදිනම ජනාධිපතිවරයා සහභාගි වූ ඉබ්බාගමුව ජන හමුවද ඉලක්ක කරමින් තවත් පෝස්ටුවක් ලෙසද පළ කර තිබූ බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සැකකරු ජනාධිපතිවරයා නිකවැරටියට සහ ඉබ්බාගමුවට පැමිණීමට නියමිතව තිබූ දිනයට දින දෙකකට පෙර මුහුණු පොතේ මෙම ප්‍රකාශ පළ කර තිබී ඇත. ඒ සම්බන්ධයෙන් පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු විශ්ව විද්‍යාලයේ සිට නිවස කරා පැමිණෙමින් සිටියදී නිකවැරටිය නගරයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. දුරකථන ඇමතුම් විස්තර අනුව විමර්ශන සිදුකර ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ පියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව කරනු ලබන හිංසාකාරී හැසිරීම් හේතුවෙන් මෙම ශිෂ්‍යයා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින අයෙකු වන බවය.

