Best News Website award
brand logo
logo
වාහන පහක් ගැටී පස්දෙනෙකු රෝහලේ

වාහන පහක් ගැටී පස්දෙනෙකු රෝහලේ

16 November 2026


හොරණ කොට්ටාව මාර්ගයේ මත්තේගොඩ හන්දිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදි තුනක සහ ත්‍රීරෝද රථයක ගැටී අද (16) පස්වරුවේ අනතුරක් සිදුව ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.


අනතුරින් බරපතළ තුවාල ලැබූ පස්දෙනකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ පාද බිඳී ඇති බව පොලිසිය සඳහන් කළේය.


හොරණ දෙස සිට කොට්ටාව දෙසට අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් මත්තේකට හන්දිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන කොට්ටාව දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදි තුනක හා ත්‍රී රෝද රථයක ගැටී තිබේ.


අනතුරට පත්වූ යතුරුපැදි දෙකකට බරපතල හානි සිදුව ඇති අතර ත්‍රීරෝද රථයට ද හානි සිදුව ඇත.


අනතුරට හේතුව මෝටර් රථයේ රියැදුරුට නින්ද යාම බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇති බව පොලිසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

More News..