BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවෙයි
12 November 2026
BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවෙයි
12 November 2026
මෙරට දී පැවැත්වෙන බිම්ස්ටෙක් (BIMSTEC) සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණ සිටින BIMSTEC සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබේ.
එහිදී නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, BIMSTEC සෞඛ්‍ය අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම පිළිබඳව සිය සතුට පළ කළාය.
මෙහිදී BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සාකච්ඡා වූ කරුණු සහ එහි ප්‍රතිඵල පිළිබඳව නියෝජිත පිරිස සිය අදහස් ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යෝජිත නව ක්ෂේත්‍ර සහ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.
විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ කුසලත සංවර්ධනය තුළින් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝගවලට මුහුණදීම සඳහා සාමූහික ප්‍රවේශයක අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ප්‍රගතිය අත්කර ගැනීමට නම්එක් එක් රටවල් තනිව ක්‍රියාත්මක වීම වෙනුවට BIMSTEC සාමාජික රටවල් සියල්ලේම පොදු කැපවීම සහ සම්බන්ධීකරණය වූ සාමූහික ප්‍රයත්නය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නාය.


