පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නියෝගයක්
17 June 2025 | කේ.එස්.උදයකුමාර
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නියෝගයක්
17 June 2025 | කේ.එස්.උදයකුමාර
රංගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක් වශයෙන් කටයුතු කරන වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට "භික්‍ෂුණී" නාමය යටතේ හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට "භික්‍ෂුණී" නාමය යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වරයාට නියෝගයක් නිකුත් කර තිබේ.
වැලිමඩ ධම්මදින්න නමැති භික්ෂුණිය සහ රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

